යුක්‍රේනයෙන් ඉල්ලා සිටි ගුවන් සහාය එක්සත් ජනපද ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි

යුක්‍රේනයෙන් ඉල්ලා සිටි ගුවන් සහාය එක්සත් ජනපද ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි

යුක්‍රේන නිලධාරීන් විසින් ගුවන් සහාය  යලි ඉල්ලා සිටියද, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් F-16 ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට යැවීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජර්මනියේ නායකයා ද ප්‍රහාරක ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයාද මෙම ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට යැවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේවෙතත් යුක්‍රේනය පවසා ඇත්තේ රුසියාව සමඟ පවතින යුද්ධයේදී තම ගුවන් කලාපය පාලනය කිරීමට ජෙට් යානා අවශ්‍ය බවයි.

F-16 Fighting Falcons ලොව වඩාත්ම විශ්වාසදායක ප්‍රහාරක ජෙට් යානා වලින් එකක් ලෙස සැලකෙන අතර බෙල්ජියම සහ පාකිස්ථානය වැනි අනෙකුත් රටවල් විසින් භාවිතා කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා ජෙට් යානා සඳහා නැවත නැවතත් යුක්‍රේනයෙන් ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට වෙනත් ප්‍රදේශවල හමුදා සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එක්සත් රාජධානිය සහ ජර්මනිය ද එවැනිම සහයෝගයක් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නෙදර්ලන්තය ඇතුළු යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් ප්‍රහාරක ජෙට් යානා එවන්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද පැවසෙනවා

Share This