යුක්‍රේනයෙන් රුසියාවට චෝදනා

යුක්‍රේනයෙන් රුසියාවට චෝදනා

නව වසර මුලදී ගොඩබිම් ප්‍රහාරයක් රුසියාවෙන් සැලසුම් කරන බවට යුක්‍රේනය රුසියාවට චෝදනා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම ජනාධිපති Volodymyr Zelensky සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ Kyiv සහ එහි ජිවත්වන ජනතාව මින් ආරක්ෂා විය යුතු බවයි.

ප්‍රහාරය නැගෙනහිර ඩොන්බාස් කලාපයේ, දකුණේ හෝ කියෙව් දෙසට පවා පැමිණිය හැකි බවයි එරට ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරු පවසන්නේ

කෙසේවෙතත් බටහිර විශ්ලේෂකයින් පවසා තිබෙන්නේ රුසියාවට සාර්ථක ප්‍රහාරක ගොඩබිම් මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි.

මේ අතර යුධ පිටියේ පරාජයන් මාලාවකට ලක්ව සිටින රුසියාව පුළුල් නව ප්‍රහාරයක් සැලසුම් කරන බවට සාක්ෂි වැඩිවෙමින් පවතින බව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන යුද්ධයට සහාය දැක්වීම සඳහා රුසියාව විසින් ඔක්තෝම්බර් මාසයේදී බලහත්කාරයෙන් බඳවා ගත් 300,000 භටයන්ගෙන් අඩක් පුහුණුව සම්පූර්ණ කරනු ලබන්නේ පෙබරවාරි මාසයේදී බැවින් මෙම ප්‍රහාරය පෙබරවාරියේදී සිදුවෙනු ඇති බවටද යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ වනවිට දෙපාර්ශ්වයම නත්තල් සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර ඇති අතර ගැටුම අවසන් කිරීම සඳහා දැනට සාකච්ඡා කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This