යුක්‍රේනයේ Kramatorsk නගරයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් -4ක් මරුට (VIDEO)

යුක්‍රේනයේ Kramatorsk නගරයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් -4ක් මරුට (VIDEO)

නැගෙනහිර යුක්‍රේනයේ Kramatorsk නගර මධ්‍යයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසනවා

මෙම මිසයිල ප්‍රහාර අවන්හලකට සහ සාප්පු සංකීර්ණ ප්‍රදේශයකට එල්ල වී ඇති බවයි පැවසෙන්නේ

සුන්බුන් යට සිරවී සිටින මිනිසුන් බේරා ගැනීම සඳහා මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිදු වූ ප්‍රහාරයෙන් මියගිය අය අතර 17 හැවිරිදි දැරියක් ද සිටින බව ද වාර්තා වනවා .

මාස අටක් වයසැති ළදරුවෙකු සහ විදේශිකයන් තිදෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට නිලධාරීහු සඳහන් කරන්නේ .

Share This