යුක්‍රේනයේ Kyiv කලාපයට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

යුක්‍රේනයේ Kyiv කලාපයට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

යුක්‍රේනයේ Kyiv කලාපයේ ළදරු පාසලක් සහ නේවාසික ගොඩනැගිල්ලක් අසලට හෙලිකොප්ටරයක් කඩා වැටුණු බව යුක්‍රේන නිලධාරීන් පවසා තිබෙනවා

මෙම හෙලිකොප්ටරය කඩා වැටෙන විට ළදරු පාසලේ ළමයින් සහ කාර්ය මණ්ඩලය සිටි බව වාර්තා වී ඇති නමුත් තුවාල ලැබූවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය පෙබරවාරියේ සිට රුසියාවේ ආක්‍රමණය ආරම්භ වූ දා සිට යුක්‍රේනයේ ළමුන් 453ක් ඇතුළු සිවිල් වැසියන් 9,000 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බවයි Kyiv ප්‍රාදේශීය හමුදා පරිපාලනයේ ප්‍රධානී Oleksiy Kuleba සඳහන් කර තිබෙන්නේ.

තුවාල ලැබූවන් සිටින බව කුලේබා පවසා ඇති නමුත් කොපමණ සංඛ්‍යාවක් හෝ තුවාල ලැබූ ප්‍රමාණය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දී නැහැ

මේ අතර දෙසැම්බර් මාසයේදී පැනවූ යුරෝපා සංගමයේ නවවන වටයේ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් රුසියාව අසාදු ලේඛනගත යුරෝපීය සංගමයේ නිලධාරීන්ගේ ලැයිස්තුව පුළුල් කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය අඟහරුවාදා(17) ප්‍රකාශයක් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති අය අතර යුක්‍රේන හමුදා පුහුණු කිරීම්වලට සම්බන්ධ යුරෝපා සංගමයේ රටවල හමුදා නියෝජිතායතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This