යුක්‍රේනයේ කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ Kupiansk හි පිහිටි කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දසදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

එසේම අදාළ ප්‍රහාරයෙන් කෞතුකාගාරය විනාශයට පත්ව ඇති අතර, එහි සුන්බුන් අතර සිරව සිටින පිරිස් සහ කෞතුක භාණ්ඩ සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

තුවාල ලැබූ දසදෙනා කෞතුකාගාර සේවකයින් වන අතර, රුසියාව විසින් අදාළ ප්‍රහාරය දියත් කළ බවයි යුක්‍රේනය පවසන්නේ.

කෙසේ වෙතත් රුසියාව ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව සිය රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ එහි ජනතාව විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.

Share This