යුක්‍රේනයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පිරිසිදු පානීය ජලය නෑ(VIDEO)

යුක්‍රේනයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පිරිසිදු පානීය ජලය නෑ(VIDEO)

යුක්‍රේනයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරිසිදු පානීය ජලය නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

සමහර නිවැසියන්ට යුක්‍රේන හමුදාව ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජල බෝතල් උඩින් හෙළා ඇති බවද සඳහන් .

වේල්ල කැඩී යාම නිසා වාරිමාර්ග පද්ධතියේ කොටස් ගසාගෙන ගොස් ඇති බවත්, බලපෑමට ලක් වූ ගොවිබිම් යථා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගත විය හැකි බවත් නිලධාරීන් අනතුරු අඟවනවා

රුසියානු ආක්‍රමණික ප්‍රදේශයේ ගංවතුරෙන් නිවාස යටවී ඇති ප්‍රදේශයේ දහස් ගණනක ජනතාවට උපකාර කිරීමට ජාත්‍යන්තර ප්‍රයත්නයක් ගන්නා ලෙස යුක්‍රේනය ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම රතු කුරුස සංවිධානය ද ඇතුළුව ආධාර ආයතනවලටද එම ප්‍රදේශවලට උදව් කිරීමට නොහැකි වී ඇති බවයි එරට ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ

Share This