යුක්‍රේනයේ වේල්ල කැඩී යාමෙන් පසු දහස් ගණනක් ජනතාව ඉවත් කෙරේ – නගර සහ ගම් 80කට පමණ අවදානමක්(VIDEO)

යුක්‍රේනයේ වේල්ල කැඩී යාමෙන් පසු දහස් ගණනක් ජනතාව ඉවත් කෙරේ – නගර සහ ගම් 80කට පමණ අවදානමක්(VIDEO)

රුසියාවේ පාලනය යටතේ පවතින යුක්‍රේනයේ Nova Kakhovka වේල්ල කැඩී යාමෙන් පසු එම ප්‍රදේශයේ පහත්බිම්වල දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Nova Kakhovka වේල්ල විනාශ වීමෙන් පසු නගර සහ ගම් 80ක් ජලයෙන් යටවිය හැකි බව එරට ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර ඇති බවද සඳහන්

Dnipro ගඟ දිගේ ජලය ගලා යමින් පවතින අතර, Kherson නගරයට දැඩි ගංවතුර අවදානමක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියාවේ පාලනය යටතේ පිහිටි මෙම වේල්ල විනාශ කළා යැයි යුක්‍රේනයෙන් කරන චෝදනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා

Kakhovka ජලාශයේ සිට පහළට ගලා බසින Kakhovka වේල්ල, එම කලාපයේ ගොවීන්ට සහ පදිංචිකරුවන්ට ඉතා වැදගත් වන බවත් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ජලය සපයන බවත් පැවසෙනවා

කෙසේවෙතත් දින හතරක් හෝ පහක් ඇතුළත ජලය සීඝ්‍රයෙන් බැස යනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This