යුක්රේන අගනුවර පිපිරීම් රැසක්
කියෙව්හි නේවාසික ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් එක් අයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා
මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලේ පළමු මහල් පහේ ගින්න හටගෙන ඇති අතර මේ වනවිට ගින්න නිවා දමා ඇති බවයි පැවසෙන්නේ
මරණ කිසිවක් වාර්තා වී නැහැ
එමෙන්ම යුක්රේනයේ අගනුවර විශාල පිපිරීම් වාර්තා වී ඇති බවත් හානියේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට නියමිත බවයි
යුක්රේන රජයේ උපදේශකයෙකු මීට පෙර පවසා තිබුණේ යුද්ධය මැයි මස මුල වන විට අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි
කියෙව්හි සිදුවූ එක් පිපිරීමකින් Lukyanivska දුම්රිය ස්ථානයේ සහ කාර්යාලවල ඉදිරිපසට හානි සිදුව ඇති බවත් එම නිසා දුම්රිය ස්ථානය වසා දමා ඇති බවත් සඳහන්