යුක්‍රේන, රුසියා විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡා අවසන් -එකඟවූ තීරණ මෙන්න

යුක්‍රේන, රුසියා විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡා අවසන් -එකඟවූ තීරණ මෙන්න

යුක්‍රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba අද (10) යුක්‍රේනය සහ රුසියාව අතර තුර්කියේ Antalya හි පැවති නවතම සාකච්ඡා වටයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා

කුලේබා පවසන්නේ යුක්‍රේන භූමියේ පවතින මානුෂීය ගැටලුවලට විසඳුම් සෙවීමේ උත්සාහයන් දිගටම කරගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි.

එමෙන්ම ඔහු පවසන්නේ  විසඳුම් සෙවීම සඳහා නැවත හමුවීමට වුවද සූදානම් බවයි.

විදේශ අමාත්‍යවරුන් දෙදෙනෙකු මුණගැසුණු විට සාමය සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙන බව තමා විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

යුක්‍රේන විදේශ  අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ  “යුක්‍රේනයේ  යුද්ධය අවසන් කිරීම, “යුක්‍රේනයේ සිවිල් වැසියන්ගේ දුක් වේදනා නැවැත්වීම සහ රුසියානු ආක්‍රමණික හමුදාවෙන් අපගේ භූමි ප්‍රදේශ මුදා ගැනීමේ අරමුණින් මෙම කටයුතු කරගෙන යාමට  සූදානම් බවයි .”

එමෙන්ම රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පැවති සාකච්ඡාවලින් අනතුරුව පවසා තිබෙන්නේ මානුෂීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් රුසියාව සිවිල් වැසියන් සඳහා මානුෂීයව කටයුතු කරන බවත් සටන් විරාම ක්‍රියාත්මක කරමින්  ජනතාවට ඉවත්වීමට හමුදාවන්ගේ සහායද ගෙන කටයුතු  කරන බවයි

 

Share This