යුක්‍රේන සමුළුව සඳහා නේටෝ නායකයින් බෙල්ජියමේ අගනුවරට

යුක්‍රේන සමුළුව සඳහා නේටෝ නායකයින් බෙල්ජියමේ අගනුවරට

යුක්‍රේන සමුළුව සඳහා නේටෝ නායකයින් බෙල්ජියමේ අගනුවර වන බ්‍රසල්ස් වෙත පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සලකා බලනු ඇති  බවයි පැවසෙන්නේ

මේ වනවිට යුද්ධය ආරම්භ වී  දෙවන මාසයට එළැඹෙන බැවින් මෙම හමුවීම ඉතිහාසයේ වැදගත්ම එකක් වනු ඇති බවට විශ්වාසය පළ කරනවා

රුසියාව විසින් යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව නැගෙනහිර යුරෝපයේ  හමුදා විශාල වශයෙන් වැඩි කිරීමට නේටෝ නායකයින් විශේෂ සමුළුවේදී අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

බි‍්‍රතාන්‍යය ඇතුළු සාමාජික රටවල් දැනටමත් යුක්‍රේනයට ආයුධ යවන අතර රුසියාව එයට ප්‍රතිචාර වශයෙන් සිය න්‍යෂ්ටික හමුදාවන් භාවිතා කරන බවට අනතුරු ඇඟවීම් කර තිබෙනවා

Share This