“යුක්‍රේන හමුදා භටයින්ට ආයුධ බිම තබන්නැයි” කියූ වීඩියෝව බොරුවක්

“යුක්‍රේන හමුදා භටයින්ට ආයුධ බිම තබන්නැයි” කියූ වීඩියෝව බොරුවක්

ජනාධිපති Volodymyr Zelensky විසින් යුක්‍රේන හමුදා භටයින්ට ආයුධ බිම තබන ලෙස කරන ලද ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ව්‍යාජ වීඩියෝවේ නිශ්චල දර්ශනයක් යුක්‍රේන රූපවාහිනී නාලිකාවක් වන Ukrayina 24 හි වෙබ් අඩවියේ දර්ශනය වී ඇති බවයි පැවසෙන්නේ

Ukrayina 24 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එහි වෙබ් අඩවිය හැක් කර ඇති බවයි.

වෙබ් අඩවියට කලින් ප්‍රවේශ විය නොහැකි වූ නමුත් පසුව එය යථා තත්ත්වයට පත් කර ඇති බවයි පැවසෙන්නේ

සෙලෙන්ස්කි ඔහුගේ ඉන්ස්ටග්‍රෑම්හි වීඩියෝවක් පළ කරමින් එය ව්‍යාජ එකක් ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා ,

එමෙන්ම රුසියානු හමුදා භටයින්ට ආයුධ බිම තබා ගෙදර යන ලෙසට පමණක් තමාට පැවසිය හැකි බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා

 

Share This