යුක්‍රේනයෙන් පලා ගිය මිලියන දෙකක ජනතාව අතර ළමුන් ලක්ෂ 8ක්

යුක්‍රේනයෙන් පලා ගිය මිලියන දෙකක ජනතාව අතර ළමුන් ලක්ෂ 8ක්

රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු යුක්‍රේනයෙන් පලා ගිය මිලියන දෙකක ජනතාව අතර ඇස්තමේන්තුගත ළමුන් 800,000ක් සිටින බව Save The Children සංවිධානය පවසනවා

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තනිවම සංචාරය කරන බවත් කිසිවෙකුගේ සහය නොමැතිව ගමන් කරන බවටත් වාර්තා වී තිබෙන බවද සඳහන්

දෙමාපියන් තම දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා හද කම්පා කරවන ක්‍රියාමාර්ගවලට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව ඔවුන්ගේ දරුවන් අසල්වැසියන් සහ මිතුරන් සමග පිටත් කර යවමින් වැඩිහිටියන් තම නිවෙස් ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේ රැඳී සිටීම සිදු කරන බවයි සඳහන් වන්නේ

මේ අතර 11 හැවිරිදි පිරිමි ළමයෙකු වන හසන්, තම මවට තම ආච්චි හැර යාමට නොහැකි වීම නිසා සපොරිෂියාහි පිහිටි නිවසින් පිටව ගොස් තිබෙනවා

කිලෝමීටර් 1200ක දුම්රිය ගමනකින් පසු ඔහු නිරුපද්‍රිතව කුඩා බෑග් දෙකක්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඔහුගේ අතේ ලියා තිබූ ඥාතීන්ගේ දුරකථන අංකය ද රැගෙන ස්ලෝවැකියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

යුක්‍රේනයෙන් පිටවන සරණාගතයින්ගෙන් අඩකට වඩා පෝලන්තයටත්  පසුව හංගේරියාවට සහ ස්ලෝවැකියාවට යන බවයි පැවසෙන්නේ

 

Share This