යුද ගැටුම් මැද යුක්‍රේනයත් IMF සමග එකඟතාවකට

යුද ගැටුම් මැද යුක්‍රේනයත් IMF සමග එකඟතාවකට

තමන් යුක්‍රේනය සමග ඩොලර් බිලියන 15.6 ක් වටිනා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුද්ධයක් පවතින රටකට ලබා දෙන පළමු ණය මුදල ඉදිරි සතිවලදී අනුමත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය රුසියාවේ ආක්‍රමණයෙන් පසු යුක්‍රේනයට ලැබුණු විශාලතම මූල්‍ය ආධාරවලින් එකක් ද වනු ඇති බවයි පැවසෙන්නේ.

IMF මෑතකදී ” ඉහළ අවිනිශ්චිතතාවයකට” මුහුණ දෙන රටවලට ණය ලබා දීම සඳහා තිබූ නීතිමය වෙනසක් අනුමත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන අගමැති Denys Shmyhal සඳහන් කරන්නේ මෙම අරමුදල් “සියලු තීරණාත්මක වියදම් සඳහා මුදල් යෙදවීමට ,සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග අපගේ අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීමට” උපකාරී වනු ඇති බවයි.

Share This