යුද ශක්තිය නංවන්න ඉන්දියාව දෙසටම හැරෙන්නැයි මෝදිගෙන් උපදෙස්

යුද ශක්තිය නංවන්න ඉන්දියාව දෙසටම හැරෙන්නැයි මෝදිගෙන් උපදෙස්

ඉන්දියාවේ යුද ශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය ආයුධ සහ  උපකරණ නිෂ්පාදනයට දේශීය තාක්ෂණය උපරිමව භාවිතා කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක කමිටුව වෙත උප‍‍දෙස් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය   වාර්තා කරනවා.

ගෝලීය තාක්ෂණය පුලුල්ව අධ්‍යයනය සහ භාවිත කරමින් දේශීයව අවි සහ ආරක්ෂක උපකරණ නිෂ්පාදනය ඉහළ නැංවීමට ක්‍රියා කරන්නැයි ද ඉන්දීය අගමැතිවරයා මෙහිදී උපදෙස් නිකුත් කර ඇතැයි සදහන්.

චීනය සමග පවතින දේශසීමා ආරවුල් සහ යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය  හමුවේ ඉන්දියාව ආරක්ෂක කටයුතු සදහා මෙළෙස දේශීය තාක්ෂණය උපරිමව භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට ඉන්දියාවේ භාවිතා කරන ආයුධ සහ  උපකරණවලින් සියයට 70 ක්ම පැරණි සෝවියට් දේශයට හෝ රුසියාවට තාක්ෂණික සබදකම් ඇති බව සදහන්.

මේ පසුබිම තුළ ඉන්දියාවේ යුද ශක්තිය දේශීය තාක්ෂණය , සහ දැනුම මත වර්ධනය කරවීම අත්‍යවශ්‍ය බව අගමැති මෝදි මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This