
යුද හමුදා බුද්ධි සහයෙන් මිලියන 12 ක කුෂ් තොගයක් රාජගිරියන් අල්ලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ රාජගිරිය ප්‍රදේශයේ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් කිලෝ ග්‍රෑම් 02 ක් ඊයේ (22) සොයාගත්තා.
ඒ සමග තලවතුගොඩ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.