
යුද හමුදාවේ 76 වැනි සංවත්සරයට දෘෂ්යාභාධිත සෙබලා කි.මී. 100 ක් පාගමනක (VIDEO)
76 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව දෘෂ්යාභාධිත රණවිරුවකු විසින් නව වාර්තාවක් පිහිටුවීම අරමුණු කරගෙන හෙට (09) පෙ.ව. 6.00 සිට අනිද්දා (10) පෙ.ව.10.00 දක්වා කි.මී.100 ක දුරක් පාගමනින් ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
සීනිගම පුද බිමේ සිට ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගය ඔස්සේ රත්මලාන,අත්තිඩිය,නුගේගොඩ,විජේරාම පාර මාදිවෙල හරහා බත්තරමුල්ල රණවිරු ස්මාරකය දක්වා පැමිණීමට නියමිතයි.