යුධ නෞකාවක් ජපාන මුහුදේ විශේෂ අභ්‍යාසයක
චීනයේ විශාලතම සහ වඩාත් නවීන යුධ නැව්වලින් එකක් ජපාන මුහුදේ දිගු දුර අභ්‍යාස පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය කලාපය තුළ චීනයේ වැඩිවන නාවික ප්‍රවේශය ප්‍රදර්ශනය කිරීමක් බවයි අදාළ වාර්තා පෙන්වා දෙන්නේ.
චීනයේ රාජ්‍ය පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස් පැවසුවේ 055 වර්ගයේ ලාසා යුධ නෞකාව පසුගිය වසරේ අධිකාරියට පත් කිරීමෙන් පසුව සිදු කළ පළමු මෙහෙයුම මෙළෙස සිදුකරමින් ඇති බවයි.
එම නෞකාව සමග තවත් නෞකා දෙකක් ද මෙම මෙහෙයුමට එක්ව ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.
ජපාන මුහුද පිහිටා ඇත්තේ චීනයට උතුරින් ජපන් දූපත් සමූහය, සකාලින් දූපත, කොරියානු අර්ධද්වීපය සහ රුසියානු ඈත පෙරදිග ප්‍රධාන භූමිය අතරයි.
මෙම කලාපය තුළ චීනය සිය නාවික මෙහෙයුම් පුලුල් කර ඇති අතර චීනයේ නාවික හමුදාව ද විශාල වශයෙන් පුලුල් කරමින් පවතිනවා.
ලොව විශාලතම නාවික හමුදාව තමන් සතුවන බව පවසන චීනය දැනටමත් ගුවන් යානා හාරක නෞකා දෙකක් ක්‍රියාත්මක කරන අතර තුන්වැන්නක් දියත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද වාර්තා වනවා.