යුරෝපයේ කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

යුරෝපයේ කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

කොවිඩ් අවදානම මධ්‍යයේ ෆ්ලොරෝනා රෝගය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ පළමුවරට ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොරෝනා වසංගතයට ගොඳුරු වූ යුරෝපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ගියා.

කොවිඩ් වෛරසය සහ ඉන්ෆ්ලූඑන්සා වෛරසය එකවර ආසාදනය වීමෙන් වැළෙඳන ෆ්ලොරෝනා රෝගය ආසාදනය වූවෙක් පිළිබඳ ඊශ්‍රායලයෙන් මුල්වරට වාර්තා වුණා.

මෙලෙස ෆ්ලෝරෝනා රෝගය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතකළ මවක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇය කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොවිඩ් අවදානම මධ්‍යයේ ගෙවුණු සති කිහිපයේදී ඊශ්‍රායලයෙන් ඉන්ෆුවෙන්සා රෝගීන් වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිඛෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරින් පවසන්නේ ෆ්ලොරෝනා රෝගය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් නොවන බවත් ඒ පිළිබඳ භීතියට පත්වීම අතවශ්‍ය කරුණක් නොවන බවයි.

මේ අතර, ගෝලීය කොවිඩ් වසංගත ව්‍යාප්තියේ ආරම්භ වී දෙවසරක් ගතවී ඇති පසුබිමක යුරෝපයෙන් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා.

එම සංඛ්‍යාව ලොව පුරා වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්නයි.

එමෙන්ම යුරෝපයේ කොවිඩ් ආසාදිතයින්ගෙන් මිලියන 05ක්ම පමණ ගෙවුණු සතියේ දී වාර්තාවීම විශේෂත්වයක්.

Share This