යුරෝපයේ සංක්‍රමණික අර්බුදය තවත් ඉහළට -පුද්ගලයින් 400ක් දින කිහිපයක සිට බෝට්ටුවක

යුරෝපයේ සංක්‍රමණික අර්බුදය තවත් ඉහළට -පුද්ගලයින් 400ක් දින කිහිපයක සිට බෝට්ටුවක

දකුණු ඉතාලියේ වෙරළට ඔබ්බෙන් වූ ධීවර යාත්‍රාවක සිටි 400ක් තවමත් බේරා ගැනීමට නොහැකි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

ඉතාලියේ වෙරළාරක්ෂක නිලධාරීන් සඳහන් කරන්නේ දින දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් දුෂ්කර මුහුදු තත්ත්වයන් මොවුන් මුදාගැනීම සඳහා බලපාන බවයි.

මෙම බෝට්ටුව ලිබියාවේ සිට පිටත් වූ බවටයි වාර්තා වී තිබෙන්නේ

තවත් ධීවර බෝට්ටුවක 800ක් පමණ සංක්‍රමණිකයින් සිටින බවත් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා වෙත බෝට්ටු ගණනාවක් රැගෙන ඒමෙන් පසු සිකුරාදා සිට මේ දක්වා කාලය තුළ වෙරළාරක්‍ෂක බලකාය විසින් පුද්ගලයින් 2,000ක් පමණ බේරාගෙන ඇති බවද සඳහන් වනවා .

එක බෝට්ටුවක් ගිලී යාමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.

Share This