යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට සූදානමින්

යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට සූදානමින්

යුරෝපා කවුන්සිලයේ සභාපති ධූරයෙන් ඉක්මනින් ඉවත් වන බව Charles Michel පවසා තිබෙනවා

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටීමට හැකි වන පරිදි තමන් ඉන් ඉවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

Charles Michelගේ ඉවත්වීමෙන් පසු මීළඟ යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරයා යුරෝපා සංගමයේ නායකයින් 27 දෙනාගේ බහුතරයකින් තේරී පත් විය යුතු බවයි වාර්තා වන්නේ

නියමිත වේලාවට අනුප්‍රාප්තිකයෙකු සොයාගත නොහැකි වුවහොත්, හංගේරියාවේ අගමැති වික්ටර් ඕර්බන් තාවකාලිකව එම ධුරය දරනු ඇති බවද සඳහන්

48 හැවිරිදි Charles Michel 2019 අග භාගයේ සිට යුරෝපා සංගම් සාමාජික රටවල් 27ක රාජ්‍ය නායකයින්ගේ කණ්ඩායම වන යුරෝපා කවුන්සිලයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇති අතර එම ධුරය භාර ගැනීමට පෙර ඔහු බෙල්ජියමේ අගමැතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා

Share This