යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය Mahsa Aminiට

යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය Mahsa Aminiට

යුරෝපා සංගමය එහි ඉහළම මානව හිමිකම් ත්‍යාගය වන Sakharov ත්‍යාගය Mahsa Amini ප්‍රදානය කර තිබෙනවා.

ඉරාන ජාතික Mahsa Amini ”කාන්තාව, ජීවිතය, නිදහස” යන කාරණාවලට පෙනී සිටිමින් විරෝධය දැක්වීම ඇගේ මරණයට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාන්තාවන් සඳහා වූ දැඩි ඉරාන හිජාබ් රීතිය වන හිස් ආවරණ පිළිබඳ රීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් 22 හැවිරිදි ඇය අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබෙනවා.

දශක ගණනාවකට පසු ඉරාන බලධාරීන්ට බරපතලම අභියෝගයක් ඉදිරිපත් කළ විරෝධතාවලට හේතු වුණේ Mahsa Aminiගේ මරණයයි.

චින්තන නිදහස සඳහා වාර්ෂික Sakharov ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාකාරීන් වෙනුවෙන් ලබාදෙන ත්‍යාගයක් වනවා.

Mahsa Amini මරණය “කාන්තාව, ජීවිතය, නිදහස” ලෙසින් හැඳින්වෙන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ අතර ඉරානය විසින් සියලුම කාන්තාවන්ට හිස් ආවරණයක් පැළඳීම සහ අනෙකුත් වෙනස් කොට සැලකීමේ නීති නතර කරන ලෙස ඉල්ලා සිටිමින් මෙය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Share This