යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්‍රණයක්

යුරෝපා සංගමයේ රටවල් සඳහා වීසා ලබා ගැනීමේ ගැටලුව විසඳන්න නව යාන්ත්‍රණයක්

යුරෝපා සංගමයේ සාමාජික රටවල් සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලුවලට විසඳුමක් ලෙස මෙරට තුළ නව කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන බවට යුරෝපා සංගමයේ සභාපති රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා එකඟතාව පළ කර තිබෙනවා

ඔහු මේ බව කියා සිටියේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ පැවති හමුවේ දී වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන දුෂ්කරතා පිළිබඳව කළ දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙසයි.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට GSP+ සහනය අඛණ්ඩව ලබා දීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමයේ වර්තමාන සභාපතීත්වය දරන පෝලන්තයට ස්තුති කළ අමාත්‍ය විජිත හේරත් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට නිරන්තරයෙන් දක්වන සහයෝගය ද එහිදී අගය කළා

කිසිඳු ආගමික, ජාතික හෝ වාර්ගික කණ්ඩායමකට වෙනස් කොට සැලකීමක් සිදු නොවන අයුරින් අණපනත් සංශෝදනය කිරීමට නව රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතාට පෙන්වා දුන්නා

දේශපාලන ස්ථාවරත්වය, මානව හිමිකම් සුරැකීම හා සියලු ජාතීන්ට සමානව සැලකීම පිළිබඳව නව රජය ලබා ඇති ප්‍රගතිය පිළබඳව යුරෝපා සංගමය සෑහීමට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපල වන යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ පවත්වන වෙළඳ සබඳතා තවදුරටත් වැඩි කරගැනීමට කටයුතු කරන බව ද එහිදී සඳහන් කළා

එමෙන්ම ඍතුමය සේවකයින් සඳහා පෝලන්තයේ රැකියා අවස්ථා ලබා දීම තවදුරටත් වැඩි කිරීමටත් ශිෂ්‍යයන් වෙනුවෙන් අවස්ථා වැඩි කිරීමටත් පෝලන්තය සූදානමින් සිටින බව ද යුරෝපා සංගමයේ සභාපතිවරයා පැවසුවා

Share This