යේමනයේ කැරලිකරුවන්ට රටවල් රැසකින් අනතුරු ඇඟවීම්

යේමනයේ කැරලිකරුවන්ට රටවල් රැසකින් අනතුරු ඇඟවීම්

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ තවත් ප්‍රාන්ත දහයක් යේමනයේ කැරලිකරුවන්ට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ යේමනයේ කැරලිකරුවන් විසින් රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනයට දිගටම ප්‍රහාර එල්ල කළහොත් ඔවුන්ට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව සඳහන් කරමිනුයි .

ප්‍රධාන වශයෙන් බටහිර රටවල කණ්ඩායම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රහාර වහා නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා

ඉරානයේ පිටුබලය ලබන හවුති කැරලිකරුවන් ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලයට එරෙහිව හමාස් විසින් දියත් කරන ලද යුද්ධයේදී එයට සහය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම නොවැම්බර් මාසයේ සිට කැරලිකරුවන් රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනයට 20 වතාවකට වඩා පහර දී තිබෙන අතර ඒ සඳහා ඔවුන් මිසයිල, ඩ්‍රෝන, වේගවත් බෝට්ටු සහ හෙලිකොප්ටර් භාවිතා කර ඇති බවයි පැවසෙන්නේ .

ඕස්ට්‍රේලියාව, බහරේනය, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ප්‍රාන්ත 12 ක කණ්ඩායම් හවුතිවරුන්ට විධිමත් අනතුරු ඇඟවීමක් කර ඇති බවද සඳහන් .

Share This