යොවුන් දැරියක් ප්‍රසිද්ධියේ පිහියෙන් ඇන ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ දැඩි ප්‍රචණ්ඩත්වයක්

යොවුන් දැරියක් ප්‍රසිද්ධියේ පිහියෙන් ඇන ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ දැඩි ප්‍රචණ්ඩත්වයක්

16 හැවිරිදි දැරියක් ඉන්දියාවේ අගනුවර පොදු මංතීරුවකදී අමානුෂික ලෙස පිහියෙන් ඇන මරා දමා තිබෙනවා.

එය රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ පිරිමින් විසින් සිදු කරන ප්‍රචණ්ඩත්වය පිළිබඳව යළිත් රට තුළ කෝපයක් ඇති කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිනිත්තුවකට වඩා වැඩි කාලයක් පැවති මෙම ඝාතනයේ දර්ශන ආරක්ෂක කැමරාවේ සටහන් වී ඇති අතර, ප්‍රහාරකයා දැරියට නැවත නැවතත් පහර දෙන විට කිහිප දෙනෙක් අසලින් ගමන් කරන අයුරු දැක්වෙනවා.

ඉන්දීය පොලිසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සහිල් නමැති පිරිමි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

කාර්මිකයෙකු වන සාහිල් අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ඩ්ෂාර් හි රඳවාගෙන සිටින බව පිටත දිල්ලියේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් රවි කුමාර් සිං පවසනවා.

මෙම සිදුවීම ඉන්දියාවේ කාන්තාවන් ආරක්ෂා කිරීම සහ ප්‍රහාරකයන්ට දඬුවම් කිරීම යන දෙකම ප්‍රමාණවත් වන්නේද යන්න පිළිබඳව මත ගැටුමක් ඇති කළ ඝාතන සහ ස්ත්‍රී දූෂණ මාලාවක නවතම සිදුවීමයි.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ට්විටර් ගිණුමේ සඳහන් කරන්නේ “දිල්ලියේ බාලවයස්කාර දැරියක් එළිපිටම අමානුෂික ලෙස ඝාතනය ඉතා කණගාටුදායක සහ අවාසනාවන්තයි. අපරාධකරුවන් නිර්භය වී ඇති අතර පොලිසියටද පාලනයක් නොමැති බවයි. .

ඉන්දියාවේ කාන්තාවන්ට එරෙහි අපරාධ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින අතර ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත වලට අනුව 2013 ට සාපේක්ෂව 2020 දී කාන්තාවන්ට එරෙහි අපරාධ 20% කින් වැඩි වී තිබෙනවා.

ස්ත්‍රී දූෂණ වැනි බොහෝ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් බොහෝ විට අඩුවෙන් වාර්තා වන බැවින් සැබෑ සංඛ්‍යාලේඛන තවමත් ලබා ගත නොහැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This