
රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට
රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට කරන ලද කැදවීමකට අනුවයි.
පැය කිහිපයක ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු පස්වරු 2.15 ට පමණ ඇය පිටව ගියා.
ඇය කැඳවා තිබුණේ කුමන හේතුවකට ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යට හෙළි කිරීමට අකමැත්ත පළ කළා.
මෑතක දී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ හෙවත් කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා සමග මෙරට රංගන ශිල්පිනියන් කිහිප දෙනකු සම්බන්ධතා පවත්වා ඇතැයි යන ප්‍රවෘත්තිය සමග සමාජ මාධ්‍ය හරහා ගයාත්‍රි ගේ නම ද ප්‍රචාරය වුණා.
මීට පෙර පියුමි හන්සමාලි මහත්මිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය කැඳවා ප්‍රකාශයක් ලබා ගත්තා.
‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා තමාට එල්ල වන චෝදනා පිළිබඳව රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් මහත්මිය මීට පෙර සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කර තිබුණා.
