රංගන ශිල්පිනී ශ්‍රිමාලි පොන්සේකා සී.අයි.ඩී. එයි

රංගන ශිල්පිනී ශ්‍රිමාලි පොන්සේකා සී.අයි.ඩී. එයි

රංගන ශිල්පිනී ශ්‍රිමාලි පොන්සේකා මහත්මිය අද (27) අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඇය මෙලෙස පැමිණියේ කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායි හිදී ලබාගත් ඡායාරූපයක් තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ එම ඡායාරූපය එරට පැවති අවුරුදු උතසවයකට තමන් සහ පවුලේ සාමාජිකයින් සහභාගී වූ අවස්ථාවේ ලබාගත් එකක් බවයි.

ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළ බවත් තමන් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා හඳුනන්නේ නැති බවත් ඇය ප්‍රකාශ කළා.

Share This