
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරවලට නව තාක්ෂණය හඳුන්වා දෙයි
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත්ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම සිදු කර තිබෙනවා.
ඒ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී.
කොරියානු රජයේ සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මුල්‍ය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක මුදලක් වැය කරමින් මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති බව සඳහන්.
2022–2024 දෙසැම්බර් දක්වා කාලය තුළ ක්‍රියාත්මක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රසායනාගර පද්ධතිය වැඩි දියුණු කිරීම සිදු කර තිබෙනවා.
දැනට පවතින පරීක්ෂණාගාරවල ඉඩකඩ පහසුකම් වැඩි කරමින් නව පරීක්ෂණාගාර ස්ථාපිත කිරීම, පරීක්ෂණාගාර සදහා නවීණ උපකරණ ලබාදීම, පරීක්ෂණාගාරවල උපකරණවලින් ලබා ගන්නා දත්ත බාගත කිරීමේ පහසුකම් වැඩි දියුණු කිරීම හා රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණුවීම් ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවී ඇති බව සඳහන්.