රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු – පෞද්ගලික රෝහල්වලට නොගෙවන වාට්ටු හඳුන්වාදීමට අවධානය
රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටුත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටුත් හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙරට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු ඊයේ (25) අධ්‍යන සැසියකට සහභාගී වෙමින් ප්‍රකාශකර තිබුණා.