
රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම IMF එකට යටත් කරලා
අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසන්දනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා
අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ රට අනුරට නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්න ඇති බවත් ඔහු එහිදී කියා සිටියා
එමෙන්ම අයි එම් එෆ් සීමාවන් තුළ අයවැය කටයුතු කර ඇති බවයි එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ
මෙම අයවැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොමැති බවත් ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදු නොවන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළා