රට ගොඩනැගීමට පැරණි ආර්ථික දේශපාලන ගමන වෙනස් විය යුතුයි -ජනපති රනිල් වික්‍රමසිංහ-
රට ගොඩනැගීමට නම් පැරණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමනද වෙනස් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙරට විරැකියාව ඇති වුණේ පැරණි ආර්ථික ක්‍රමය කිස බවද එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.
එමෙන්ම අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ සංවිධානය කර තිබූ කිළිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින්.
එහිදී කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.