රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමක

රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමක

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

2022 වසරෙන් පසු රජය විසින් කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වුවද පසුගිය කාලයේ බිත්තර මිල ඉහළ නැංවීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කිරීම නිසා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබූ බවත් ව්‍යාපාරික ප්‍රජාව තම හිතුමතයට බිත්තර මැලි වැඩි කිරීමට කටයුතු නොකරන්නේ නම් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

Share This