රට මුහුණ දී ඇති අර්බුදය ජය ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අගමැති කියයි (වීඩියෝ)
කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට මුහුණදීමට සිදුව ඇති ආර්ථික ගැටළු පිළිබඳව මෙරට ජනතාව ඉතා හොඳින් තේරුම් ගෙන ඇති බවට තමන් විශ්වාස කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ විශේෂ ප්රකාශයක් සිදුකරමින්.
රට මුහුණ දී ඇති අර්බුදය ජය ගැනීමට මේ වනවිට දැවැන්ත වැඩ පිළිවෙලක නිරතව සිටින බවයි අග්රාමත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
කාබනික පොහොර වැඩපිළිවෙල ක්රියාත්මක කිරීමට මෙය සුදුසු කාලය නොවන බව පවසන අගමැතිවරයා සඳහන් කළේ පොහොර සහනාධාරය යළි ලබාදීමට තීරණය කළ බවයි.
මහ මඟ විරෝධතා දක්වන සෑම තත්පරයකම මෙරටට ඩොලර් ලැබීමට ඇති අවස්ථා අහිමිව යන බවයි අග්රාමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
විශාල ප්රතිසංස්කරණයන සිදු කිරීමට පෙර ජාතියට අත් වී ඇති මෙම විනාශයෙන් රට බේරාගැනීම සියලු දෙනාගේ වගකීම බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
ඒ සඳහා ශක්තිය ඇති සියලු දෙනාට දැනටමත් ආරාධනා කර ඇති බවයි අගමැතිවරයා පැවසුවේ.
තමන්ට සහ තම පවුලේ සියලු දෙනාට මේ වනවිටත් සිදුකරන නින්දා අපහාස දරාගත හැකි බව පවසන අග්රාමාත්යවරයා කියා සිටියේ ත්රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත හිරිහැර හෝ අපහාස සිදු නොකරන ලෙසයි.
අග්රාමාත්යවරයා සිදුකළ විශේෂ ප්රකාශය පහතින් නරඹන්න..