රට ලොක්ඩවුන් කරන්නේ නැති නම් කළ යුතු දේ ගැන මහාචාර්ය අර්ජුන දෙන උපදෙස
රට ලොක්ඩවුන් (lockdown) කළ නොහැකි නම් අවම වශයෙන් සති දෙකක කාලයකට හෝ රට ලොකප් (lock up) කර, පවතින වසංගත තත්ත්වය යම් තාක් දුරකට පාලනය කර ගත හැකි බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා
දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කර තිබුණා
මහාචාර්යවරයා අවධාරණය කර තිබෙන්නේ , ආර්ථික තත්ත්වය මත රට ලොක්ඩවුන් කළ නොහැකි නම්, අනිවාර්යයෙන්ම රට ලොකප් කළ යුතු බවත් එසේ නොකළහොත් වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි වනු ඇති බවයි
පවතින වසංගත තත්ත්වය දරුණු වී ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරනවා.
“ලොක්ඩවුන් කියන්නේ ඔක්කොම වහලා දාන එකනේ. ඇඳිරි නීතිය වගේ දාන්න නේ. ලොකප් කියලා කියන්නේ අනවශ්‍ය ආයතන ටික ඔක්කොම වහලා, අනවශ්‍ය දේවල් ටික වහලා ආර්ථිකයට අත්‍යවශ්‍ය දේවල් විතරක් ක්‍රියාත්මක කරලා සංචරණ සීමා තදින් ම කරන්න.
උදාහරණයක් වශයෙන්, මොනවා හරි ආණ්ඩුවේ ආයතන තියෙනවා නම් ඒ ආයතන ප්‍රධානීන්ට භාර දෙනවා ඒ ගොල්ලොන්ට අවශ්‍ය විදියට මේක දුවන්න. ආයතනයක් තියෙනවා නම් පුළුවන් තරම් ඒ පළාතේ ම මිනිස්සුන්ගෙන් දිව්වා නම් හරි
පිට පළාත්වලින් ගේන්නේ නැතුව. එතකොට ඒ පළාත ලොකප් වෙලානේ තියෙන්නේ. හැබැයි ඒ පළාතේ අත්‍යවශ්‍ය දේවල් සිදුවෙනවා.
මගුල් ගෙවල් ඔක්කොම නවත්තන්න ඕනේ.
එතකොට හොටෙල්, බාර් ඒ ටික වහලා සති දෙකකවත් අවම වශයෙන් එහෙම කෙරුවා නම් අපිට මේක පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. මොනවත් නොකර හිටියොත් නම් බැහැ.