රට හදන පාර්ලිමේන්තුව අවුරුදු 42 පසු අලුත් වැඩියාවට

රට හදන පාර්ලිමේන්තුව අවුරුදු 42 පසු අලුත් වැඩියාවට

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර තිබෙනවා.

අමාත්‍යමණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මතයි සිදුකරනු ලබන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීම සිදුවන අතර වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත් වැඩියා කටයුතුද සිදු කෙරෙනවා.

 

Share This