
රටම සුවපත් වන්නට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාමය පිංකම
‘දිට්වා’ සුළිකුණාටුවේ බලපෑමට ලක්වූ සැමටත් සකළ ශ්‍රී ලංකාවාසී සැමටත් සෙත්පතා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මඟින් සුවිශේෂී ආශිර්වාද පිරිත් දේශනාවක් පවත්වන්නට කටයුතු සංවිධාන කර තිබෙනවා.
හෙට රාත්‍රි 9.30 සිට පසුදා පහන් වනතුරු ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කර ගනිමින් මෙම මාහැඟි සුපින්කම පැවැත්වෙනවා.
මෑත ඉතිහාසයේ ධරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙසින් සිරිලක් දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව, මෙරට ගම් දනව් සිසාරා එල්ල කල බලපෑම සුළුපටු නොවේ.
එකී ඛේදනීය තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන් සේම තුවාල ලබා විපතට පත් වූවන්ද බොහෝ පිරිසක් වනවා.
අපේම මහපොළොවේ සුජීවත් ව සිට අවාසනාවන්ත ඉරණමකට මුහුන දී දිවිගමන නිමාකල සැමටත් විපතට පත්ව මේ මොහොතේත් හුස්ම යදින සැමටත් තුනුරුවනේ ආශිර්වාදය පැතීම මේ මොහොතේ සිදු කල යුත්තක්.
ඒ මාහැඟි වගකීම පෙරදැරි කර ගනිමින්, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විසින් දිට්වා සුළිකුණාටුවේ බලපෑමට ලක් වූ සැමටත්, සකල ශ්‍රී ලාංකික සැමටත් සෙත් පතා සුවිශේෂී ආශිර්වාද පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඓතිහාසික කිරි වෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා උපදෙස් පරිදි ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයේ දායකත්වයෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සංවිධාන ශක්තියෙන් හෙට රාත්‍රි 9.30සිට පසුදා පහන් වන තුරු මේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනා පින්කම කතරගම කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වෙනවා.
මේ අතර සුළි කුණටුවේ බලපෑමට ලක්වූ සැමට ආශිර්වාදය පැතීමේ කතෝලික දේව මෙහෙයක් ද ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය විසින් සංවිධාන කර තිබෙනවා.
එළඹෙන 7 වැනි ඉරිදා සවස 6ට එම ආශිර්වාද දේව මෙහෙය කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්වෙන අතර, මෙම දේව මෙහෙය ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
මෙම ආශිර්වාද පූජාවන් සමගාමී විකාශයක් ලෙසින් ශ්‍රී එෆ් එම්. හා රන් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකා හරහා ද විකාශය කෙරෙනු ඇති.
ජාතියක් ලෙස මේ මොහොතේ ශ්‍රී ලාංකික අප සැම මුහුණ දුන් අභියෝගවල කර මතින් යළිත් නැගී සිටීමේ අරමුණට මෙකී සියළු ප්‍රයත්නයන් සැබෑ ආශිර්වාදයක්ම වනු නොඅනුමානයි.
