රටේ ඉන්ධන හිඟයක් නොමැති බවට සහතිකයක්

රටේ ඉන්ධන හිඟයක් නොමැති බවට සහතිකයක්

ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා මහතා සඳහන් කර තිබෙනවා.

ඉන්ධන ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබී ඇති බවත් ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් පැවසූ සභාපතිවරයා මේ තත්ත්වය මත ඉන්ධන හිඟයක් පිළිබඳ බිය විය යුතු නැතැයිද සඳහන් කර සිටියා.

Share This