රටේ සෑම දිස්ත්රික්කයක්ම කොවිඩ් ග්රහණයට හසුවේ – රෝගීන් රට පුරා හමුවුණේ මෙලෙසයි
ගම්පහ දිස්ත්රික්කයෙන් ඊයේ (22) දිනයේත් වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙනවා.
ඊයේ (22) දිනයේ ආසාදිතයින් 2,093ක් මෙරටින් වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 364ක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙනුයි.
කොළඹ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 322ක්, කළුතර 292ක්, මහනුවර 190ක්, නුවරඑළිය 148ක් හා මඩකලපුවෙන් ආසාදිතයින් 136ක් වාර්තා වී ඇති අතර දිවයිනේ සෑම දිස්ත්රික්කයකින්ම ආසාදිතයින් හමුව තිබෙනවා.
ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැනගත හැකියි.