මරණයෙන් කෙළවර වූ අඹුසැමි ගැටුම

මරණයෙන් කෙළවර වූ අඹුසැමි ගැටුම

මිහින්තලය, කුංදිකුලම ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සහ ඔහුගේ බිරිඳ ද තුවාල සහිතව නිවස තුළ බිම වැටී මියගොස් සිටියදී මිහින්තලය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් සහ 56ක් වන කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බව සඳහන්.

මෙම අඹුසැමියන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී තිබෙන අතර පෙරදින රාත්‍රියේ ඔවුන් අතර ඇතිවූ ගැටුමකදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කර ඔහුද සියදිවි නසාගෙන ඇති බවට පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී සොයාගෙන ඇති බව සඳහන්.

මියගිය අඹුසැමි යුවලගේ දේහයන් අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Share This