රත්මලාන දුම්රිය අංගනයේ සිදුවූ වෙඩි තැබීම

රත්මලාන දුම්රිය අංගනයේ සිදුවූ වෙඩි තැබීම

රත්මලාන දුම්රිය අංගනයේ අද (23) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පුද්ගලයින් පස් දෙනෙකු දේපල සොරකම් කිරීමට දුම්රිය අංගනයට ඇතුලු වී ඇති අතර එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකර තිබෙන බව සඳහන්.

එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා අනෙක් සැකකරුවන් පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.

මේ අතර සැකකරු විසින් පහර දීම හේතුවෙන් තුවාල ලබා සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.

Share This