රන් භාණ්ඩ උකස් තැබූ අයට සුබ ආරංචියක්

රන් භාණ්ඩ උකස් තැබූ අයට සුබ ආරංචියක්

මහජනතාවට පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසාදීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මගින් ලබාගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව මෙම පොලී සහනාධාරය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතයි.

Share This