රනිල් ,කඩිනමින් ප්‍රතිකාර කළයුතු තත්ත්වයක සිටින බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කියයි

රනිල් ,කඩිනමින් ප්‍රතිකාර කළයුතු තත්ත්වයක සිටින බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

අද (27) උදෑසන මාධ්‍ය හමුවක දී ඒ මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවයි.

ඔහුට බරපතළ ලෙස තිබූ විජලන තත්ත්වය මේ වනවිට ලබාදෙන ප්‍රතිකාර සමග පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිර වී ඇති බවට ඊයේ වාර්තාවෙන් තහවුරු වූ බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට වැඩිදුර ප්‍රතිකාර ගන්න සිදුවන බවත්, එය කඩිනමින් සිදු කිරීම වඩා වැදගත් බවත් වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවා.

” දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න. විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා.”

Share This