
රනිල් ගේ විශේෂ ප්‍රකාශයක් එ.ජා.ප. මාධ්‍ය හමුවේදී මාධ්‍ය අතට (VIDEO)
බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයක් අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයට පත් කළා.
එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන් රට වෙනුවෙන් වැඩ කළා මිස පුද්ගලික කාරණා වෙනුවෙන් ක්‍රියා නොකල බවයි.
වත්මන් පාලනයේ නියම ස්වරූපය දැන් පෙනෙන බවද වික්‍රමසිංහ මහතා පවසනවා.
තමන්ට එල්ලවන චෝදනා නොපිළි ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ සදහන් කරනවා.
අකිල විරාජ් කාරියවසම් මහතා සිය ජංගම දුරකතනයේ පටිගත කර මධ්‍ය වෙත එම හඩපටය නිකුත් කළ අතර එහිදී ඔහු පැවසුවේ රට බංකොළොත් භාවයට පත් වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා රට ගොඩ ගැනීමට කටයුතු කළ නායකයකු බවයි.
වත්මන් පාලනයට එරෙහිව පෙළ ගැසීමට සියලු දක්ෂිණාංශික පක්ෂවලට එහිදී අකිල විරාජ් මහතා ආරාධනය කළා.