රයිගම් ටෙලීස් නිර්දේශිත නාමයන් අතරට ස්වර්ණවාහිනී වැඩසටහන් රැසක් (වීඩියෝ)

රයිගම් ටෙලීස් නිර්දේශිත නාමයන් අතරට ස්වර්ණවාහිනී වැඩසටහන් රැසක් (වීඩියෝ)

2020-2021 වර්ෂයන් වෙනුවෙන් රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට මේ වන විට සියළු කටයුතු සූදානම්.

ඒ වෙනුවෙන් වූ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (25) කොළඹ වෝටර්ස් ඒජ්හිදී විචිත්‍රවත්ව සිදු වුණා.

විශිෂ්ඨ රූපවාහිනී මාධ්‍ය කලාවක් වෙනුවෙන් තම දායකත්වය ලබා දෙන නිර්මාණකරුවන් ඇඟයීම වෙනුවෙන් රයිගම් ටෙලීස් සම්මාන උළෙල පැවැත්වෙන්නේ 17 වැනි වරටයි.

“දෙවසරක රස” මෙවර උළෙලේ තේමාවයි.

සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය ඊයේ (25) කොළඹ වෝටර්ස් ඒජ්හිදී පැවැත්වුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම විචිත්‍රවත් අවස්ථාව වෙනුවෙන් ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානි රංගන ද සිල්වා මහතා ඇතුළු මෙරට රූපවාහිනි නාලිකාවන් හි ප්‍රධානීන් මෙන්ම තවත් ආරාධිතයින් රැසක්ද එක්ව සිටියා.

මාධ්‍ය විශිෂ්ඨතා සහ ටෙලි නාට්‍ය විශිෂ්ඨතා ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙවරත් සම්මාන ප්‍රධානය කිරීමට නියමිතයි.

සුපුරුදු ලෙසම කවදත් ශ්‍රී ලාංකේය අභිමානය සමඟින් ස්වර්ණවාහිනිය මේ කාණ්ඩ දෙක යටතේම සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා.

ලාංකේය රූපවාහිනි මාධ්‍යයේ 2020 – 2021 වර්ශයන්හි විශිෂ්ඨයින් සම්මානයට පාත්‍ර වන රයිගම් ටෙලිීස් දෙවසරක රස එළඹෙන මාර්තු 26 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

Share This