රාජකාරි හැඳුනුම්පත නැත්නම් පොදු ප්‍රවාහනයේ එන්න තහනම් -අද සිට පොලිස් මෙහෙයුම්
රාජකාරී කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා සියලු දෙනාට අද (09) සිට රාජකාරි හැඳුනුම්පත අනිවාර්ය බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසනවා
පොලිස් නිලධාරීන් විසින් අද (09) දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා අහඹු පරීක්ෂාවට ලක් කරන බවත් ඒ අනුව ඒවා භාවිත කරන්නේ, අත්‍යවශ්‍යම පිරිස් ද යන්න පිළිබඳ පරීක්ෂා කරනු ඇති බවත් දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා .
පොදු ප්‍රවාහනය අනිසි ලෙස භාවිත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ .
පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය පිරිස් හැර වෙනත් කිසිිවකු පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසද දැනුම් දී සිටිනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා