
රාජ්‍ය නිලධාරීන්ට දේශීය /විදේශීය නිවාඩු අනුමත කිරීම අවලංගු කෙරෙන විශේෂ චක්‍රලේඛයක්
ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය /විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට 2025.11.24 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය නිකුත්කළ චක්‍ර ලේඛයක දැක් වෙන්නේ 2022.06.22 දිනැති රාජය පරිපාලන චක්‍රලේඛ 14/2022 සහ ඊට අනුශංගික චක්‍රලේඛ විධි විධාන අනුව දේශීය/විදේශීය නිවාඩු ලබාසිටින නිලධාරීන් සඳහා දැනට අනුමත කර ඇති නිවාඩු කාලසීමාවට පමණාක් අදාල වන පරිදි එම නිවාඩුව ලබා ගැනීමට අදාල වන බවයි.
දැනට දේශීය/විදේශීය නිවාඩු අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීම අපේක්ෂාවෙන් සිටින නිලධරයන්ට ඉහත චක්‍රලේඛ විධ්විධාන අනුව දැනට අනුමත කර ඇති කාලසීමාවට අදාල වන පරිදි එම නිවාඩුව ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.
අදාල චක්රලේඛයෙන් දන්වා ඇත්තේ 2022.06.22 දිනැති චක්‍රලේඛ 14/2022 හි “ක” වගන්තියෙහි සඳහන් අමාත්‍යාංශ කමිටුව වෙත දැනට ඉදිරිපත්කර ඇති සියලු අවශ්‍යතා සපුරා ඇති නව නිවාඩු අයදුම්පත්‍ර /නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නිවාඩු අනුමත කිරීම සහ නිවාඩු දීර්ඝ කිරීම සඳහා සහ සියලු අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති මෙන්ම ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛනවල අඩුපාඩු සහිතව ඉදිරිපත්කර ඇති නව නිවාඩු අයදුම්පත්‍ර /නිවාදු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර නැවත සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවයි.
2025.12.31 දිනට පෙර නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය දීමේ කටයුතු අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන ,පළාත සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක් වෙනවා.
තවදුරටත් එහි දැක් වෙන්නේ දේශීය නිවාඩු සඳහා ඉදිරිපත්කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා ද අනුමැතිය නොදෙන බවයි.
නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර බාර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අදාල චක්රලේඛයෙන් අවධාරණය කර තිබෙනවා.
එහි අවසන් වශයෙන් දැක් වෙන්නේ 14/2022 හා ඊට අනුෂංගික චක්‍රලේඛ විධිවිධාන අනුව රජයේ නිලධාරීන්ට නිවාඩු අනුමත නොකරන බවයි.
