රාජ්‍ය බැංකු දෙකක් අනුබද්ධ බැංකු දෙකක් වෙයි

රාජ්‍ය බැංකු දෙකක් අනුබද්ධ බැංකු දෙකක් වෙයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත පවරා එහි අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සමග රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත පවරාගෙන එම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් මුදල්,ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්,ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත්තේ එම බැංකු දෙකම කුඩා වෙළෙඳපළ කොටසක් සහිත සාපේක්ෂව කුඩා මූල්‍ය ආයතනයන් බවටයි.

දුර්වල ලාභදායීත්වය , අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරා දීමට ඇති නොහැකියාව මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව ද පෙන්වා දුන් බව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ දැක් වෙනවා.

Share This