රාජ්‍ය සතු වත්කම් දේපල විකිණීමට ගෙන ඇති පියවර අත්හිටුවන්න – හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්

රාජ්‍ය සතු වත්කම් දේපල විකිණීමට ගෙන ඇති පියවර අත්හිටුවන්න – හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්

මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් බැවින් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර සිටිනවා

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි

එමෙන්ම මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපල කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතු බවද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා

එම නිවේදනය පහතින්

Share This