රාජාභිෂේකය වෙනුවෙන් දින තුනක සැමරුම් – අමුත්තන් 2,000කට පමණ ආරාධනා

රාජාභිෂේකය වෙනුවෙන් දින තුනක සැමරුම් – අමුත්තන් 2,000කට පමණ ආරාධනා

හෙට දිනයේ (06) IIIවන චාල්ස් රජු වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී බ්‍රිතාන්‍යයේ විචිත්‍රවත් සංදර්ශනයකින් පසු ඔටුනු පැළඳීමට නියමිත බැවින් ලෝකයේම අවධානය එක්සත් රාජධානිය දෙසට යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

බකිංහැම් මාලිගය රාජාභිෂේකයේ පිරිවැය සඳහා නිල සංඛ්‍යාලේඛන සපයන්නේ නැති නමුත් ඇස්තමේන්තු කර ඇත්තේ එය පවුම් මිලියන 50ත් පවුම් මිලියන 100 ත් අතර වන බවටයි

මැයි 6 වන සෙනසුරාදා කැන්ටබරි අගරදගුරුතුමා විසින් පවත්වනු ලබන රාජාභිෂේකය ලන්ඩන් සහ එක්සත් රාජධානිය පුරා දින තුනක සැමරුම්වලින් ආරම්භ වන අතර එය මැයි 8 වනදා රජයේ නිවාඩු දිනයකින් අවසන්වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

චාරිත්‍රානුකූලව සිදුවන මෙම රාජාභිෂේක අවස්ථාව මිලියන ගණනක් නරඹනු ඇතැයි අපේක්ෂා කරනවා

වෙස්ට්මිනිස්ටර් ඇබේහි පැවැත්වෙන උත්සවයට ආරාධිත අමුත්තන් 2,000 ක් පමණ සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This