
රාජිත අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්න මහාධිකරණයට යයි
අල්ලස් කොමිසම තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප මත මුදා හරින ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සමක් ලබන 30 වන දින සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මියද (23) නියෝග කළා.
විනිසුරුවරිය , පෙත්සම්කාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දුන්නේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ තීන්දුවේ පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු දක්වන ලෙසයි.
එම තීන්දුවේ පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් මේ සඳහා තීන්දුවක් ලබාදිය නොහැකි බව විනිසුරුවරිය වැඩිදුරටත් සඳහන් කලා.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් මිලියන 26 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරන ලද විමර්ශනයන්ට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඇප මත මුදාහරණ ලෙස ඉල්ලා ගොනුකරනු ලැබූ අපේක්ෂිත ඇප ඉල්ලීම පසුගිය දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව එම නියෝගය අවලංගු කරමින් තමාව ඇත මත මුදා හරින ලෙස ඉල්ලා රාජිත සේනාරත්න විසින් කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.