රාජිතගේ ලේකම් නමින් ගෙනා නැව් අටක් ගැන පරීක්ෂණ

රාජිතගේ ලේකම් නමින් ගෙනා නැව් අටක් ගැන පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නැව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (21) කරුණු ඉදිරිපත් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසින්.

ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලීම සදහා එක් රටක ලබාදී ඇති ධාරිතාවෙන් අප රට භාවිත කරන්නේ සියයට පනහක් පමණක් පමණ වන බවත්, ධීවරයන්ට ඇති අයිතිය උදුරාගනිමින් චින සමාගමට ඒ අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබාගන්නා පරිදි මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි සඳහන් වන්නේ.

Share This